රෝස තොල් සිඹීමි

ආයෙත් මම කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ ගීතයක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේ ගීතයත් ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය විසිනුයි. සංගීතය ගුණදාස කපුගේ මහත්තයගෙ. මෙන්න ගිටාර් ප්‍රස්තාරෙ.

C                                                                  F
රෝස තොල් සිඹිමි තොල් මත කදුළු බිදු රැදෙයි
G/F              C/F          C/G7    C
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
C/Em              Am              Em
මේ රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි
F   D                G          G7           C
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි
C                                 G/F        G
පිච්ච මල් පිපී යහනේ සුවද මා දවයි
G               C
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
C                                 G/F                    G
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
D           G                   G7             C
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
C                                 G/F        G
අදුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
G               C
සොදුර නුඹ ළගින් නැතිවත් හිත උණුසුමයි
C                                 G/F                    G
කදුළු බිදු රැදෙයි ඉදහිට නෙතට අත වනයි
D           G                   G7             C
සිනාසෙමි නමුත් මේ උණු කදුළු මගෙ නොවෙයි

ගහක මල් පිපිලා

තවත් ලස්සන ගීතයක්. ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය. බොහොම සංවේදී ගීත රචිකාවියක්. ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. සංගීතය සපයලා තියෙන්නෙ නැසීගිය ගායක ගුණදාස කපුගේ මහතා. මෙන්න ගිටාර් ප්‍රස්තාරය.

 

G                 D                            G

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

G                 G       C  D          G/D G

හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

G                 D                            G

නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

G                 G       C  D          G/D G

නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි

 

G                G                 C

කතරෙ වැලිකැට හිරුට පෙම්බැද – ඇතත් ලෝ දහමින්

D                G    D          D7            G

සොදුරු වැස්සට වියළි කතරක් – ආදරේ පණ මෙන්

G       C            D7    G

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

G       D         D     D7   G

ඒ වගේ මනරම් – කරනු බැරි තහනම්

 

G           G                  C

සදුට සදහ‍ට සෙනේ පෑ මුත් – උදුල තරු කැටයම්

D                G    D          D7            G

හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්

G       C            D7    G

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය

G       D         D     D7   G

ඒ වගේ මනරම් – පුදුම වෙයි නුඹ නම්

Follow

Get every new post delivered to your Inbox.