මෑත කාලයේ කසුන් කල්හාරගෙ හඩින් ඇසුනු ලයාන්විත ගීතයක්. මේ සිංදුව ගැන මට අහන්න හම්බවුනේ අහම්බෙන්. ඊට පස්සෙ සෑහෙන මහන්සියක් වෙලා ගීතය හොයාගත්තා. මේක අඩංගුවුනේ 2007 දි නිකුත් කෙරුණු රෝමාන්තික ඔපෙරාව නොහොත් රොමෑන්ටික් ඔපෙරා කියන ඇල්බමයේ. ලස්සන පද ටිකක්. ලියල තියෙන්නෙ දිලීප අබේසේකර. ඔවි එයා තමයි. ඒ කරුණාරත්න අබේසේකර මහත්තයගෙ දිලීප පොඩිපුතා. සිංදුවට ගැලපෙනම තනුවක් දැම්මෙ තවත් ඒ වගේම දක්ෂ සංගීතඥයෙක්.ඒ නාලක අංජන කුමාර. කාලෙකින් අහපු හිතට දැනෙන හැගුම්බර ගීතයක්. මෙන්න ගිටාර් වාදනය සදහා ගීත ප්රස්ථාරය.
[Chorus]
__________________________
Am Dm
ඇරඹුමම කදුළක් වෙලා
F G Dm
මා බලා ඉද්දී ඒ දිහා
Am F
ආ දුරත් දුර වැඩි නිසා
Gm F C Dm
අවසානයට පෙර ඈ ගියා
[Verse 1]
__________________________
Dm F
දුක්බරම කවියක් ලියා
G Am Dm
එහි පද පෙළක් අඩුවෙන් තියා
Gm F
අරුත පසිදින්නට කියා
Gm F C Dm
අවසානයට පෙර ඈ ගියා
[Verse 2]
_______________________________
Dm F
ශෝකාන්තය එනතුරා
G Am Dm
එහි රැදෙන්නට සිත් ඇති නියා
Gm F
අන්නතය ලග මා දමා
Gm F C Dm
අවසානයට පෙර ඈ ගියා
මගේ දැනීමෙ හැටියට මේ සින්දුව ලියල තියෙන්නෙ මාලනී බුලත්සිංහල ( කසුන්ගෙ අම්ම ) වෙනුවෙන්. හැබැයි හරියටම දන්නෙ නෑ
මොනව වුනත් ඒක එහෙම වෙන්න ඕනෙ. ඒ පද පෙළට ඒ අර්තය හොදට ගැලපෙනවා.
Nice song – Wish I could play a guitar. See how nice to listen the music of this song in a calm night.