දුරස්වන්නට
කාලයක් පරණ වුනත් ලස්සන සිංදුවක්. හැමදාමත් ජනප්‍රියයි. මේ සිංදුව ලියල තියෙන්නෙ ආචාර්ය අජන්තා රණසිංහයන්. ගීතයේ සංගීතය වගේම ගායනා කරන්නෙත් ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින්.
C Bb
දුරස් වන්නට මේ ලෙසින්
F C
ඇයිද අප හමුවුනේ
C F C
දුරස් වන්නට මේ ලෙසින්
C Bb C
මොටද අප ඉපදුනේ
C Am C Cm
අත්වැල් බැදගෙන මං මාවත් දිග
C Bb C
ඔහේ ඇවිද ගිය කාලය මතකද
Bb F C
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
Bb C C
ඔබ හිනැහුණු ඒ කාලය මතකද
C Am C Cm
අනාගතය ගැන අහස් මාලිගා
C Bb C
අප දෙන්නා මැවු කාලය මතකද
Bb F C
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
Bb C C
ඔබේ ලගින් හුන් කාලය මතකද

ගහක මල් පිපිලා
තවත් ලස්සන ගීතයක්. ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය. බොහොම සංවේදී ගීත රචිකාවියක්. ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. සංගීතය සපයලා තියෙන්නෙ නැසීගිය ගායක ගුණදාස කපුගේ මහතා. මෙන්න ගිටාර් ප්‍රස්තාරය.
G D G
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
G G C D G/D G
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
G D G
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
G G C D G/D G
නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි
G G C
කතරෙ වැලිකැට හිරුට පෙම්බැද – ඇතත් ලෝ දහමින්
D G D D7 G
සොදුරු වැස්සට වියළි කතරක් – ආදරේ පණ මෙන්
G C D7 G
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
G D D D7 G
ඒ වගේ මනරම් – කරනු බැරි තහනම්
G G C
සදුට සදහට සෙනේ පෑ මුත් – උදුල තරු කැටයම්
D G D D7 G
හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
G C D7 G
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
G D D D7 G
ඒ වගේ මනරම් – පුදුම වෙයි නුඹ නම්

සැන්දෑ අහසේ
අපි ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින් ලියැවිච්ච මේ ගිතය ගායනා කරන්නෙ ආචාර්ය දයාරත්න රණතුංග මහත්තයයි. පරණ සිංදුවක් වුනත් තාම එකවගේ ජනප්රිමයයි. කියල කියමනක් තියනවනෙ. මේ ගීතය ලියල තියෙන්නෙ සුනිල් සරත් පෙරේරා මහත්තයයි. සංගීතය ආචාර්ය දයාරත්න රණතුංග මහත්තයගෙම තමයි. මෙන්න ගිටාර් ප්‍රස්තාරේ.
C Em Am C
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
G C
කාළය කවුළු දොරින් මිය යනවා
G C G Am/C
ඈත අතීතේ පියවර නගමින්
C G C
කණවැල අල්ලන් කවුදෝ එනවා
G C G Am/C
බලාපොරොත්තුව ලයට තුරුළු වී
C G C
ඔබ එන පෙරමග බලා හිදිනවා
G C G Am/C
දුකට මිහිර දෙන පාළුව තනිකම
C G C
මා වට දැවටී කදුළු සලනවා
G C G Am/C
අදත් එදා මෙන් නුපුබුදු සුවදක්
C G C
ඒ අතරේ මා වෙතට ගලනවා

රුවට රුවේ සකුරා ඉවුරේ
ටිකක් පැරණි ගීතයක් වුනාට අමරණීය ගීතයක්. ජපානයේ යුවතියකට හිත වැටුනු සිංහල තරුණයෙක් ගැන කියවෙන මෙම ගීතය ලියල තියෙන්නෙ උපාලි ධනවලවිතාන මහත්තය. ක්ලැරන්ස් විජේවර්ධනයන් තමයි සංගිතය නිර්මානය කරල තියෙන්නෙ. ටී.එම් ජයරත්නයන් ගයන මේ ගීතයේ ගිටාර් ප්‍රස්තාරයයි මේ.
F
රුවට රුවේ සකුරා ඉවුරේ
Bb
හිම වැටෙනා
F
සුදු කන්ද දිගේ
Eb F
පාසල් යන සුදු කුමාරියේ
F
හිම මිදෙනා නගරේ
Am A Bb
රුව පෑව ඒ රූබරී
Gm C
චෙරි මල් පිපි පවනේ
Bb F C F
ඒ ගමන් ලතා බලා ඉන්නවා
F
රතු මුහුදේ වෙරලේ
Am A Bb
යමු ඈත අපි වෙන් නොවී
Gm C
සිතකින් නොවේ ලදුනේ
Bb F C F
මා මගේ රටේ සදා තනිවුනේ

වී පැදුරෙන් ඉගිලී යන
මේ තරමක් පැරණි ජනප්‍රිය ගීතයක්. ගායනා කරන්නෙ ක්‍රිශාන්ත එරන්දක. ලියල තියෙන‍්නෙ මහින්ද දිසානායක. ගීතය සංගීතවත් කරල තියෙන්නෙ එච්.එම්.ජයවර්ධන මහත්තය. මෙන්න ගිටාර් ප්‍රස්ථාරය.
Bsus4 Em D
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
Bm C Em
ඉගිල යන්න බෑ මට මියුලැසියෙ ඔබ ලගින්
Em Bm/Em
ඔබෙ දෙතොලේ – මොලකැටි බව
G D
නාදුනන ලෙසින්
G D Bm Em
නා දළු වැනි සුමුදු වෙතැයි කියමිද කෙළෙසින්
Em Bm/Em
ඔබේ සොදුරු – මුව මඩලේ
G D
කැළුම් මම දුටිම්
G D Bm Em
පුරපස සද ඔබ සතපයි කියමිද කෙලෙසින්
Em Bm/Em
ඔබෙ ආදර – නිමල දියේ
G D
සිසිලස ලද මම්
G D Bm Em
තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්

හදේ කොතැනක හෝ හිදී නුඹ
මේ ගීතය ගසල් ශෛලියේ ගීතයක්. සින්දුව ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ මහත්තය. සිංදුව ලියල තියෙන්නෙ කරුණාදාස සපුතන්ත්‍රී මහත්තය. සංගීතය සපයල තියෙන්නෙ ජනප්‍රිය දක්ෂ සංගීත වේදියෙක්. ඒ රෝහණ වීරසිංහයන්. සුනිල් එදිරිසිංහයන් ගායනා කළ ගීත බොහොමයක දායකත්වය මේ දෙපල දරා තියනවා. ගීතයේ නිෂ්පාදන දායකත්වය සිංග්ලංකා ආයතනය වෙනුවෙන් තවත් දක්ෂ පද රචකයෙක් වන කුලරත්න ආරියවංශයින් දරා තියනවා.
[Song]
C D/C
හදේ කොතැකන හෝ හිදී ඔබ
D G C
නිදා නොනිදා මෙන්………
F Dm G
බලා අවසර සොයා කල් දැන
D C D
වෙලා හසරැහැනින් පෙළයි මා
G D C
මුදා සුව දැහැනින්
[verse]
C D Bm
සයුරු ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
C G D C
මියෙන හිරුසේ ගිලී බිම් අදුරේ
G C G D
තලා මා සිත පළා ගිය ඔබ
Am C G
දවයි මා….. අද
D C
තනිවෙනා මොහොතින්
[verse]
C D Bm
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
C G D C
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
G C G D
ඉනූ කදුලද සිදෙන්නට පෙර
Am C G
යදින්නම්….. ඔබ
D C
මැකීයනු මතකින්

දිලීප පොඩිපුතු
එදා අපි අන්තිමට කතා කලේ දිලීප පොඩිපුතා ලියපු ගීතයක් ගැන. අද මම කතා කරන්නෙ ඒ දිලීප පොඩිපුතා ගැන ලියවිච්ච ගීතය ගැන. කරුණාරත්න අබේසේකර ශූරින් ලියපු මේ ගීතයට තනුව දාල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන මහත්තය. ගායනා කරන්නෙත් ඔහුමයි. 70 දශකයේ හරි ජනප්‍රිය ගිතයක්. මෙන්න ගිටාර් කෝඩ්ස් ටික.
[Chorus]
——————————————–
D G
දිලී…ප පොඩ් පුතු ….. සනී..පයට නිදී…
D A
මවගේ උකුල්…. යහ…නේ…..
G D Em
කුමාරයා…නෙනි මගේ කිරුල … හිමි
A A7 D
ජීවන රජ… දහනේ
[Verse 1]
——————————————–
D G
මහද විමා..නයෙ තැම්පත් කල.. යේ…
D D7
බිදුවක් අඩු…ව නැතේ….
G D Em
එය සගවා….ගෙන බිළිදු වෙසින් ආ….
A A7 D
වස්තුව ඔබය පුතේ
[Verse 2]
——————————————–
D G
පරෙවි දෙපා…. වැනි සුලලිත කෝ…මළ
D D7
සුමුදු ටිකිරි දෑ…තේ
G D Em
පුතු මිට මොළ….වන් සගවාගෙන ආ
A A7 D
මා නොලියුව ගිතේ

සද තරු නිහඩයි
අද ඉදිරිපත් කරන්නෙ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරපු පැරණි එහෙත් මියුරු ගීතයක්. නමුත් 1979 වසරේ මේ ගීතය කුලරත්න ආරියවංශ මහත්තය ලියල තියෙන්නෙ විශාරද නන්දා මාලනිය වෙනුවෙන්. ඒ කේමදාසයන් සංගීතය සපයපු ඔහුගේ කැසට් පටයක් සදහා. ඊට අවුරුදු පහකට හයකට පස්සෙ මේ ගීතයට තනුවක් දාල අමරදේවයන් මේ ගීතය තමන්ගෙ “කොළොම්තොට” කැසට් පටයට ගායනා කලා. මේ ගීතය සංගීතවත් කලේ එච්.එම්.ජයවර්ධන මහත්තයයි.
Song
Dm F Dm Am
සද තරු නිහඩයි – ගහ කොළ නිසලයි
Am Bb Dm
මුළු ලොව සැතපෙයි
Dm Gm Bb Dm
සිතිවිලි විතරක් අවදිවෙලා
Verse
Dm BbMaj7
පියා නුවන් යුග – නිවා හැගුම් සිත
F G Dm
සැතපෙන්නට වෙර දරන පැයේ
D7 G D C
පාළුව තනිකම කුටියට අවුදින්
Dm Bb Dm
හදවත අවදි කලා….
Verse
Dm BbMaj7
මවා නුවන් යුග – ඔබේ කොපුල් සර
F G Dm
සිහිනයකින් මෙන් ගලා රැයේ
D7 G D C
සෙනෙහස හඩවා මතකය ඉකිබිද
Dm Bb Dm
හදවත අවදි කලා….

අවසානයට පෙර ඈ ගියා
මෑත කාලයේ කසුන් කල්හාරගෙ හඩින් ඇසුනු ලයාන්විත ගීතයක්. මේ සිංදුව ගැන මට අහන්න හම්බවුනේ අහම්බෙන්. ඊට පස්සෙ සෑහෙන මහන්සියක් වෙලා ගීතය හොයාගත්තා. මේක අඩංගුවුනේ 2007 දි නිකුත් කෙරුණු රෝමාන්තික ඔපෙරාව නොහොත් රොමෑන්ටික් ඔපෙරා කියන ඇල්බමයේ. ලස්සන පද ටිකක්. ලියල තියෙන්නෙ දිලීප අබේසේකර. ඔවි එයා තමයි. ඒ කරුණාරත්න අබේසේකර මහත්තයගෙ දිලීප පොඩිපුතා. සිංදුවට ගැලපෙනම තනුවක් දැම්මෙ තවත් ඒ වගේම දක්ෂ සංගීතඥයෙක්.ඒ නාලක අංජන කුමාර. කාලෙකින් අහපු හිතට දැනෙන හැගුම්බර ගීතයක්. මෙන්න ගිටාර් වාදනය සදහා ගීත ප්‍රස්ථාරය.
[Chorus]
__________________________
Am Dm
ඇරඹුමම කදුළක් වෙලා
F G Dm
මා බලා ඉද්දී ඒ දිහා
Am F
ආ දුරත් දුර වැඩි නිසා
Gm F C Dm
අවසානයට පෙර ඈ ගියා
[Verse 1]
__________________________
Dm F
දුක්බරම කවියක් ලියා
G Am Dm
එහි පද පෙළක් අඩුවෙන් තියා
Gm F
අරුත පසිදින්නට කියා
Gm F C Dm
අවසානයට පෙර ඈ ගියා
[Verse 2]
_______________________________
Dm F
ශෝකාන්තය එනතුරා
G Am Dm
එහි රැදෙන්නට සිත් ඇති නියා
Gm F
අන්නතය ලග මා දමා
Gm F C Dm
අවසානයට පෙර ඈ ගියා
