අතීතය සිහිනයක් පමණයි

ඉතාම අර්ථාන්විත ගීතයක් තමයි අද තෝරගත්තෙ. මේක ලියල තියෙන්නෙ  පල්ලෙගම හේමරතන හාමුදුරුවො. ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා. තනුව උපාලී ජයලත් මහත්තයාගෙ. සංගීතය සපයල තියෙන්නෙ නාලක අංජන කුමාර විසින්.

D         Bm      Em      D

අතීතය සිහිනයක් පමණයි

A                  D

සැබෑ සුවදක් නෑ

Bm    F#m            D

එදා සෙනෙහෙන් නොබැදුනානම්

D       Em      Bm  D

මෙදා වියොවක් නෑ

D                   F#m        Bm

තැනු මන්දිර බිදී වැටුනට

D                        A

නෙතේ කදුලක් නෑ

D                      Bm/D

සිනාසෙන්නට වරම් නොලදත්

Em      Bm        D

හිතේ කිළුටක් නෑ

D                   F#m        Bm

සොබා දහමට නොවන අවනත

D                        A

ලොවේ කිසිවක් නෑ

D                      Bm/D

ලොවේ පැරදුම මිසක කිසිදා

Em      Bm        D

ලැබූ දිණුමක් නෑ.

Advertisements

අවසානයට පෙර ඈ ගියා

මෑත කාලයේ කසුන් කල්හාරගෙ හඩින් ඇසුනු ලයාන්විත ගීතයක්. මේ සිංදුව ගැන මට අහන්න හම්බවුනේ අහම්බෙන්. ඊට පස්සෙ සෑහෙන මහන්සියක් වෙලා ගීතය හොයාගත්තා. මේක අඩංගුවුනේ 2007 දි නිකුත් කෙරුණු රෝමාන්තික ඔපෙරාව නොහොත් රොමෑන්ටික් ඔපෙරා කියන ඇල්බමයේ.  ලස්සන පද ටිකක්. ලියල තියෙන්නෙ දිලීප අබේසේකර. ඔවි එයා තමයි. ඒ කරුණාරත්න අබේසේකර මහත්තයගෙ දිලීප පොඩිපුතා. සිංදුවට ගැලපෙනම තනුවක් දැම්මෙ තවත් ඒ වගේම දක්ෂ සංගීතඥයෙක්.ඒ නාලක අංජන කුමාර. කාලෙකින් අහපු හිතට දැනෙන හැගුම්බර ගීතයක්. මෙන්න ගිටාර් වාදනය සදහා ගීත ප්‍රස්ථාරය.

[Chorus]
__________________________
Am          Dm
ඇරඹුමම කදුළක් වෙලා
F     G    Dm
මා බලා ඉද්දී ඒ දිහා
Am         F
ආ දුරත් දුර වැඩි නිසා
Gm  F         C    Dm
අවසානයට පෙර ඈ ගියා

[Verse 1]
__________________________
Dm          F
දුක්බරම කවියක් ලියා
G              Am     Dm
එහි පද පෙළක් අඩුවෙන් තියා
Gm      F
අරුත පසිදින්නට කියා
Gm  F      C    Dm
අවසානයට පෙර ඈ ගියා

[Verse 2]
_______________________________
Dm                F
ශෝකාන්තය එනතුරා
G              Am     Dm
එහි රැදෙන්නට සිත් ඇති නියා
Gm           F
අන්නතය ලග මා දමා
Gm  F         C    Dm
අවසානයට පෙර ඈ ගියා