ගහක මල් පිපිලා
තවත් ලස්සන ගීතයක්. ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය. බොහොම සංවේදී ගීත රචිකාවියක්. ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. සංගීතය සපයලා තියෙන්නෙ නැසීගිය ගායක ගුණදාස කපුගේ මහතා. මෙන්න ගිටාර් ප්‍රස්තාරය.
G D G
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
G G C D G/D G
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
G D G
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
G G C D G/D G
නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි
G G C
කතරෙ වැලිකැට හිරුට පෙම්බැද – ඇතත් ලෝ දහමින්
D G D D7 G
සොදුරු වැස්සට වියළි කතරක් – ආදරේ පණ මෙන්
G C D7 G
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
G D D D7 G
ඒ වගේ මනරම් – කරනු බැරි තහනම්
G G C
සදුට සදහට සෙනේ පෑ මුත් – උදුල තරු කැටයම්
D G D D7 G
හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
G C D7 G
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
G D D D7 G
ඒ වගේ මනරම් – පුදුම වෙයි නුඹ නම්
