රෝස තොල් සිඹීමි

ආයෙත් මම කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ ගීතයක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේ ගීතයත් ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය විසිනුයි. සංගීතය ගුණදාස කපුගේ මහත්තයගෙ. මෙන්න ගිටාර් ප්‍රස්තාරෙ.

C                                                                  F
රෝස තොල් සිඹිමි තොල් මත කදුළු බිදු රැදෙයි
G/F              C/F          C/G7    C
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
C/Em              Am              Em
මේ රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි
F   D                G          G7           C
හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි
C                                 G/F        G
පිච්ච මල් පිපී යහනේ සුවද මා දවයි
G               C
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
C                                 G/F                    G
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
D           G                   G7             C
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි
C                                 G/F        G
අදුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
G               C
සොදුර නුඹ ළගින් නැතිවත් හිත උණුසුමයි
C                                 G/F                    G
කදුළු බිදු රැදෙයි ඉදහිට නෙතට අත වනයි
D           G                   G7             C
සිනාසෙමි නමුත් මේ උණු කදුළු මගෙ නොවෙයි

දුරස්වන්නට

කාලයක් පරණ වුනත් ලස්සන සිංදුවක්. හැමදාමත් ජනප්‍රියයි. මේ සිංදුව ලියල තියෙන්නෙ ආචාර්ය අජන්තා රණසිංහයන්. ගීතයේ සංගීතය වගේම ගායනා කරන්නෙත් ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින්.

C                               Bb
දුරස් වන්නට මේ ලෙසින්
F                         C
ඇයිද අප හමුවුනේ
C                    F            C
දුරස් වන්නට මේ ලෙසින්
C           Bb          C
මොටද අප ඉපදුනේ

 

C             Am         C   Cm
අත්වැල් බැදගෙ‍න මං මාවත් දිග
C                Bb                C
ඔහේ ඇවිද ගිය කාලය මතකද
Bb                     F                    C
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
Bb                   C                       C
ඔබ හිනැහුණු ඒ කාලය මතකද

C             Am         C   Cm
අනාගතය ගැන අහස් මාලිගා
C                Bb                C
අප දෙන්නා මැවු කාලය මතකද
Bb                     F                    C

ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
Bb                   C                       C
ඔබේ ලගින් හුන් කාලය මතකද

ගහක මල් පිපිලා

තවත් ලස්සන ගීතයක්. ලියල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මිය. බොහොම සංවේදී ගීත රචිකාවියක්. ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. සංගීතය සපයලා තියෙන්නෙ නැසීගිය ගායක ගුණදාස කපුගේ මහතා. මෙන්න ගිටාර් ප්‍රස්තාරය.

 

G                 D                            G

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

G                 G       C  D          G/D G

හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

G                 D                            G

නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි

G                 G       C  D          G/D G

නුඹට සිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි

 

G                G                 C

කතරෙ වැලිකැට හිරුට පෙම්බැද – ඇතත් ලෝ දහමින්

D                G    D          D7            G

සොදුරු වැස්සට වියළි කතරක් – ආදරේ පණ මෙන්

G       C            D7    G

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

G       D         D     D7   G

ඒ වගේ මනරම් – කරනු බැරි තහනම්

 

G           G                  C

සදුට සදහ‍ට සෙනේ පෑ මුත් – උදුල තරු කැටයම්

D                G    D          D7            G

හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්

G       C            D7    G

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය

G       D         D     D7   G

ඒ වගේ මනරම් – පුදුම වෙයි නුඹ නම්

සැන්දෑ අහසේ

අපි ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින් ලියැවිච්ච මේ ගිතය ගායනා කරන්නෙ ආචාර්ය දයාරත්න රණතුංග මහත්තයයි. පරණ සිංදුවක් වුනත් තාම එකවගේ ජනප්රිමයයි. කියල කියමනක් තියනවනෙ. මේ ගීතය ලියල තියෙන්නෙ සුනිල් සරත් පෙරේරා මහත්තයයි. සංගීතය ආචාර්ය දයාරත්න රණතුංග මහත්තය‍ගෙම තමයි. මෙන්න ගිටාර් ප්‍රස්තාරේ.

C Em Am C
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
G C
කාළය කවුළු දොරින් මිය යනවා

G C G Am/C
ඈත අතීතේ පියවර නගමින්
C G C
කණවැල අල්ලන් කවු‍දෝ එනවා
G C G Am/C
බලාපොරොත්තුව ලයට තුරුළු වී
C G C
ඔබ එන පෙරමග බලා හිදිනවා

G C G Am/C
දුකට මිහිර දෙන පාළුව තනිකම
C G C
මා වට දැවටී කදුළු සලනවා
G C G Am/C
අදත් එදා මෙන් නුපුබුදු සුවදක්
C G C
ඒ අතරේ මා වෙතට ගලනවා