පවනට සැලෙනා

තවත් පැරණි ලස්සන ගීතයක්. ගායනා කරන්නේ ටී.එම්.ජයරත්න මහත්තයාග ලියල තියෙන්නෙ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා. සංගීතවත් කලේ ප්‍රේමසිරි කේමදාසයන්. මෙන්න ගිටාර් ප්‍රස්ථාරෙ.

Em….D……..Em………D……Em
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
E………….D…………….Em..
ආදර හසරැලි මුවට නැඟෙයි දෝ
………D….Em…….D…….Em…
සවනට කොඳුරා පවසන වදනින්
E………….D………….E…Em…..
ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ
E…………A…………E…..
මල් ඇතුරුනු ඒ සුව යහනේ ඔබ
D……………….E…………Em…
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ
E……………..A……..E……..
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
D………….E………….Em…
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ
E……………A……E……..
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
D……………E……….Em…..
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
E………………..A………Em……
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
D…………….E……Em……….
දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ

වී පැදුරෙන් ඉගිලී යන

මේ තරමක් පැරණි ජනප්‍රිය ගීතයක්. ගායනා කරන්නෙ ක්‍රිශාන්ත එරන්දක. ලියල  තියෙන‍්නෙ මහින්ද දිසානායක. ගීතය සංගීතවත් කරල  තියෙන්නෙ එච්.එම්.ජයවර්ධන මහත්තය. මෙන්න ගිටාර් ප්‍රස්ථාරය.

Bsus4        Em          D

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්

Bm            C                      Em

ඉගිල යන්න බෑ මට මියුලැසියෙ ඔබ ලගින්

Em                          Bm/Em

ඔබෙ දෙතොලේ – මොලකැටි බව

G                   D

නාදුනන ලෙසින්

G                 D                     Bm                 Em

නා දළු වැනි සුමුදු වෙතැයි කියමිද කෙළෙසින්

Em                            Bm/Em

ඔබේ සොදුරු – මුව මඩලේ

G                 D

කැළුම් මම දුටිම්

G                D                   Bm               Em

පුරපස සද ඔබ සතපයි කියමිද කෙලෙසින්

Em                       Bm/Em

ඔබෙ ආදර – නිමල දියේ

G                D

සිසිලස ලද මම්

G                    D                     Bm                Em

තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්

ලා දළු බෝපත්…

ලස්සන ස්ලෝ බීට් එකකට ගැයෙන මේ සිංදුව කියන්නෙ අපේ රටේ බොහොම ජනප්‍රිය ගායකයෙක්. ඒ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා. ගායනා කරන බොහෝ ගීතරසික සමාජය ඉතාම ඉහලින් පිළිගැනුනත් පහුගිය කාලෙ එතුමගෙ අළුත් ගීතයක් නම් අපි ඇහැව්වෙම නැති තරම්. මගේ මතකය නිවැරදි නම් සංහිද පාමුලට පස්සෙ අළුත් සිංදු එකතුවක් එලි දැක්වුනේ නෑ. මේ ගීතය ලියල තියෙන්නෙ ගීත ක්ෂේත්‍රයම හොදාකාරවම අදුරන ‍අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො. බුද්ධ චරිතයේ ය‍ශෝධරාවත ගැන පැවසෙන මේ ගීතය සංගීතවත් කරල තියෙන්නෙ අ‍පේ රටේ තවත් නම ගිය සංගිතඥයෙක්. ඒ එච්.එම් ජයවර්ධන මහත්තය.

බුදුහාමුදුරුවො කිඹුල්වත්පුරේට තමන්ගෙ නෑදෑයින් බලන්න වැඩි වෙලාවෙ යසෝදරාවගේ හැසිරීම ඇසුරෙන් රචනා වුන මේ ගීතය ඕනෑම කෙනෙකුට රස විදිය හැකියි.

Em                   D/Em
ලා දළු බෝපත් සෙමෙන් සැලෙන සේ
Em            G
යසෝධරා දේවී
Em      G            Bm
වාවනු බැරිතැන රහසේ හැඩුවා
D                     G       Em
පෙර සංසාරේ ඇසුර මතක් වී

Em
ලේන කුලේ සිට ආගිය මගතොට
Em     D                   G        Em/D
සිටියා නොසැලෙන පහන් ටැඹක් සේ
Em                      Em/D Em
නිවන් දකින තුරු මේ සංසාරේ
Em      Bm Em
පසුපස ආවා සෙවනැල්ලක් වී

Em
තැලී සෙනේ සිත සැලී හඩන විට
Em D       G    Em/D
වැටී දෙපා ලග යශෝදරාවෝ
Em           Em/D       Em
පිපී නිවන් මල් සාධුකාර දී
Em Bm         Em
නිවී පහන් විය උදෑසනක් සේ