සද තරු නිහඩයි

අද ඉදිරිපත් කරන්නෙ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරපු පැරණි එහෙත් මියුරු ගීතයක්. නමුත් 1979 වසරේ මේ ගීතය කුලරත්න ආරියවංශ මහත්තය ලියල තියෙන්නෙ විශාරද නන්දා මාලනිය වෙනුවෙන්. ඒ කේමදාසයන් සංගීතය සපයපු ඔහුගේ කැසට් පටයක් සදහා. ඊට අවුරුදු පහකට හයකට පස්සෙ මේ ගීතයට තනුවක් දාල අමරදේවයන් මේ ගීතය තමන්ගෙ “කොළොම්තොට” කැසට් පටයට ගායනා කලා. මේ ගීතය සංගීතවත් කලේ එච්.එම්.ජයවර්ධන මහත්තයයි.

Song

Dm                 F   Dm                       Am

සද තරු නිහඩයි – ගහ කොළ නිසලයි

Am    Bb   Dm

මුළු ලොව සැතපෙයි

Dm       Gm      Bb     Dm

සිතිවිලි විතරක් අවදිවෙලා

Verse

Dm                         BbMaj7

පියා නුවන් යුග – නිවා හැගුම් සිත

F                        G                   Dm

සැතපෙන්නට වෙර දරන පැයේ

D7           G        D           C

පාළුව තනිකම කුටියට අවුදින්

Dm      Bb     Dm

හදවත අවදි කලා….

Verse

Dm                         BbMaj7

මවා නුවන් යුග – ඔබේ කොපුල් සර

F                    G                       Dm

සිහිනයකින් මෙන් ගලා රැයේ

D7               G         D             C

සෙනෙහස හඩවා මතකය ඉකිබිද

Dm      Bb     Dm

හදවත අවදි කලා….