අතීතය සිහිනයක් පමණයි

ඉතාම අර්ථාන්විත ගීතයක් තමයි අද තෝරගත්තෙ. මේක ලියල තියෙන්නෙ  පල්ලෙගම හේමරතන හාමුදුරුවො. ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා. තනුව උපාලී ජයලත් මහත්තයාගෙ. සංගීතය සපයල තියෙන්නෙ නාලක අංජන කුමාර විසින්.

D         Bm      Em      D

අතීතය සිහිනයක් පමණයි

A                  D

සැබෑ සුවදක් නෑ

Bm    F#m            D

එදා සෙනෙහෙන් නොබැදුනානම්

D       Em      Bm  D

මෙදා වියොවක් නෑ

D                   F#m        Bm

තැනු මන්දිර බිදී වැටුනට

D                        A

නෙතේ කදුලක් නෑ

D                      Bm/D

සිනාසෙන්නට වරම් නොලදත්

Em      Bm        D

හිතේ කිළුටක් නෑ

D                   F#m        Bm

සොබා දහමට නොවන අවනත

D                        A

ලොවේ කිසිවක් නෑ

D                      Bm/D

ලොවේ පැරදුම මිසක කිසිදා

Em      Bm        D

ලැබූ දිණුමක් නෑ.

සිනාතොටක් විය

බන්දුල නානායකක්කාරවසම් මහතාගේ පන්හිදෙන් ලියවුණු තවත් අනගි ගිතයක් තමයි මේ. ගීතය ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී. ගීතය සංගීතවත් කලේ රෝහණ වීරසිංහයන් විසින්.

D                                             C

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

Am                      G

මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

D                                   D7                           G

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම්

D                G                      D

දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

C            D           C      D              C

බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී

D                 C                                  D

සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී

D7             G                     D

පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී

G                              D

නොපිදු මල තවමත් ඇත ඔබ ලග බැතිබරවී

C            D           C      D              C

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

D                 C                                  D

ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකී

D7             G                     D

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි

G                              D

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී