සීත අරණේ සුපුල් නාමල

තවත් ලස්සන ගීතයක්.ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයයි මාලනී බුලත්සිංහල මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ ශූරින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන්. මෙන්න ගිටාර් ප්‍රස්ථාරෙ.

D…………………………………..
සීත අරණේ සුපුල් නාමල..
D………………..A………..
සුවඳ ගැල්වූ ජීවිතේ….
A…………… G……………………..
සීත හිමගිර සීත නොදැනේ…
D……..A…………….D………..
දැනේ උනුසුම ආදරේ……

D…….F#m……Bm..C………….
ලතාවක් සේ වෙලී සියොලඟ
D…….Em…….Bm……………..
පතමි රැකවරණය ඔබෙන්…
D…..G………………….D……….
සදා දෝතින් මලක් සේ ඔබ
D…………………………G D A………..D………
වැලඳ ගන්නෙමි හදවතින්…. හදවතින්….

D…….F#m……Bm..C………….
වලාවක් සේ අයාලේ ගිය
D…….Em…….Bm……………..
සිතට නිවහන ඔබ ලඟයි…
D…..G………………….D……….
මහා කතරක දැනුනු තනිකම
D…………………………G D A………..     D………
නිමා කල ඉම ඔබෙ නෙතයි…. ඔබෙ නෙතයි….

දම් පාටින් ලා සද

පැරණි ලස්සන ගීතයක්. ගායනා කරන්නෙ ගුණදාස කපුගේ මහත්තයයි මාලනී බුලත්සිංහල මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ තවත් දක්ෂ ගීත රචකයෙක් වන ලූෂන් බුලත්සිංහල මහත්මයා. සංගීතවත් කලේ ඔස්ටින් මුණසිංහ මහත්මයා.

D………………A………………….
දම් පාටින් ලා සද බැස යනවා
G………………D……………
ආකාසේ රන් වන් පාටයි
G……………………..D………….C…………………..
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි…..
Am……………………D……..
නොදොඩා ඉන්නේ ඇයි //
D……………….A………………………
දම්පාටින් සද මුහුණ පෙනෙනවා
G……………..D…………………………………
වෙන් වී යන මොහොතත් නොහැගෙයි
G……………….D…………..C……………..
දෑසට ලංව තවත් මේ මොහොතේ
Am…………………..D…
ගොළු වී ඉන්නෙමි මං//
D………………………….C………
සෙවනැලි නොමැකේ නම්
Gm……………………D…………
එළිය කළු නොවේ නම්//
D………..D7….G…………….D……….
බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ
A7……………….D……………………..
තනිය මකාගන්නයි…. එනතුරු
C…………………D…………………….
සොයා මගේ සෙනෙහස මතුදා…
D………………..C………
රෑ කල දිගුවේ නම්
Gm………………….D….
ලාසද නොමැකේ නම්//
D……….D7………..G…………..D………
නෙළුම් පතක රැදි පිණි බිදුවක් සේ
A7………………….D………………..
ළමැද තලා යහනේ ඉන්නම්
C………….. D…………………………….
පමාවෙලා හිරු නැගෙන තුරා

අතීතය සිහිනයක් පමණයි

ඉතාම අර්ථාන්විත ගීතයක් තමයි අද තෝරගත්තෙ. මේක ලියල තියෙන්නෙ  පල්ලෙගම හේමරතන හාමුදුරුවො. ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා. තනුව උපාලී ජයලත් මහත්තයාගෙ. සංගීතය සපයල තියෙන්නෙ නාලක අංජන කුමාර විසින්.

D         Bm      Em      D

අතීතය සිහිනයක් පමණයි

A                  D

සැබෑ සුවදක් නෑ

Bm    F#m            D

එදා සෙනෙහෙන් නොබැදුනානම්

D       Em      Bm  D

මෙදා වියොවක් නෑ

D                   F#m        Bm

තැනු මන්දිර බිදී වැටුනට

D                        A

නෙතේ කදුලක් නෑ

D                      Bm/D

සිනාසෙන්නට වරම් නොලදත්

Em      Bm        D

හිතේ කිළුටක් නෑ

D                   F#m        Bm

සොබා දහමට නොවන අවනත

D                        A

ලොවේ කිසිවක් නෑ

D                      Bm/D

ලොවේ පැරදුම මිසක කිසිදා

Em      Bm        D

ලැබූ දිණුමක් නෑ.

සිනාතොටක් විය

බන්දුල නානායකක්කාරවසම් මහතාගේ පන්හිදෙන් ලියවුණු තවත් අනගි ගිතයක් තමයි මේ. ගීතය ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී. ගීතය සංගීතවත් කලේ රෝහණ වීරසිංහයන් විසින්.

D                                             C

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

Am                      G

මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

D                                   D7                           G

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම්

D                G                      D

දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

C            D           C      D              C

බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී

D                 C                                  D

සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී

D7             G                     D

පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී

G                              D

නොපිදු මල තවමත් ඇත ඔබ ලග බැතිබරවී

C            D           C      D              C

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

D                 C                                  D

ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකී

D7             G                     D

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි

G                              D

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී

දිලීප පොඩිපුතු

එදා අපි අන්තිමට කතා කලේ දිලීප පොඩිපුතා ලියපු ගීතයක් ගැන. අද මම කතා කරන්නෙ ඒ දිලීප පොඩිපුතා ගැන ලියවිච්ච ගීතය ගැන. කරුණාරත්න අබේසේකර ශූරින් ලියපු මේ ගීතයට තනුව දාල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන මහත්තය. ගායනා කරන්නෙත් ඔහුමයි. 70 දශකයේ හරි ජනප්‍රිය ගිතයක්. මෙන්න ගිටාර් කෝඩ්ස් ටික.

[Chorus]

——————————————–

D                                 G

දිලී…ප පොඩ් පුතු ….. සනී..පයට නිදී…

D                                   A

මවගේ උකුල්…. යහ…නේ…..

G                    D              Em

කුමාරයා…නෙනි මගේ කිරුල … හිමි

A        A7          D

ජීවන රජ… දහනේ

[Verse 1]

——————————————–

D                        G

මහද විමා..නයෙ තැම්පත් කල.. යේ…

D       D7

බිදුවක් අඩු…ව නැතේ….

G                       D                  Em

එය සගවා….ගෙන බිළිදු වෙසින් ආ….

A          A7      D

වස්තුව ඔබය පුතේ

[Verse 2]

——————————————–

D                           G

පරෙවි දෙපා…. වැනි සුලලිත කෝ…මළ

D        D7

සුමුදු ටිකිරි දෑ…තේ

G                        D               Em

පුතු මිට මොළ….වන් සගවාගෙන ආ

A    A7           D

මා නොලියුව ගිතේ