අනාත මාරුතේ

රූකාන්ත ගුණතිලක මහත්තය ගායනා කරන තවත් හදවත වශිකල ගීතයක්. හිතට දැනිච්ච හැගීම ගැන ආට් බ්ලොග් එකේ පොඩි පෝස්ට් එකක් දාල ඇති. මේ ගීතය ගායනා කරන්නෙත් ලියල තියෙන්නෙත් සංගීතය සපයල තියෙන්නෙත් රූකාන්තම තමයි. මෙන්න ඒ ගිතයේ ප්‍රස්ථාරය.

Fm    Eb  Cm  Fm       Eb  Cm Fm Bbm
අනාත මාරුතේ            කුණාටු සාගරේ
…….Ab      Fm  Bbm Eb   C# Fm Cm7
දිවිය තියෙන තුරු මගේ,       ඔබයි ආදරේ
Fsus                             Ab   Eb Ab
සිත රිදවන වදන් වලට හඬන්නට එපා
Fsus                       Ab    Eb  Ab     Cm
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
……..Eb    Cm               Eb   Cm   Bbm
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
…….Ab      Fm  Bbm Eb   C# Fm Cm7
දිවිය තියෙන තුරු මගේ,        ඔබයි ආදරේ
Fsus                         Ab   Eb Ab
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
Fsus                   Ab    Eb  Ab    Cm
අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ
…….Eb    Cm                Eb   Cm    Bbm
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
…….Ab      Fm  Bbm Eb   C# Fm Cm7
දිවිය තියෙන තුරු මගේ,       ඔබයි ආදරේ
Published in: on April 3, 2010 at 3:24 pm  Comments (3)  
Tags:

සීත අරණේ සුපුල් නාමල

තවත් ලස්සන ගීතයක්.ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයයි මාලනී බුලත්සිංහල මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ ශූරින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන්. මෙන්න ගිටාර් ප්‍රස්ථාරෙ.

D…………………………………..
සීත අරණේ සුපුල් නාමල..
D………………..A………..
සුවඳ ගැල්වූ ජීවිතේ….
A…………… G……………………..
සීත හිමගිර සීත නොදැනේ…
D……..A…………….D………..
දැනේ උනුසුම ආදරේ……

D…….F#m……Bm..C………….
ලතාවක් සේ වෙලී සියොලඟ
D…….Em…….Bm……………..
පතමි රැකවරණය ඔබෙන්…
D…..G………………….D……….
සදා දෝතින් මලක් සේ ඔබ
D…………………………G D A………..D………
වැලඳ ගන්නෙමි හදවතින්…. හදවතින්….

D…….F#m……Bm..C………….
වලාවක් සේ අයාලේ ගිය
D…….Em…….Bm……………..
සිතට නිවහන ඔබ ලඟයි…
D…..G………………….D……….
මහා කතරක දැනුනු තනිකම
D…………………………G D A………..     D………
නිමා කල ඉම ඔබෙ නෙතයි…. ඔබෙ නෙතයි….

පවනට සැලෙනා

තවත් පැරණි ලස්සන ගීතයක්. ගායනා කරන්නේ ටී.එම්.ජයරත්න මහත්තයාග ලියල තියෙන්නෙ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා. සංගීතවත් කලේ ප්‍රේමසිරි කේමදාසයන්. මෙන්න ගිටාර් ප්‍රස්ථාරෙ.

Em….D……..Em………D……Em
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
E………….D…………….Em..
ආදර හසරැලි මුවට නැඟෙයි දෝ
………D….Em…….D…….Em…
සවනට කොඳුරා පවසන වදනින්
E………….D………….E…Em…..
ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ
E…………A…………E…..
මල් ඇතුරුනු ඒ සුව යහනේ ඔබ
D……………….E…………Em…
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ
E……………..A……..E……..
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
D………….E………….Em…
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ
E……………A……E……..
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
D……………E……….Em…..
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
E………………..A………Em……
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
D…………….E……Em……….
දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ

දම් පාටින් ලා සද

පැරණි ලස්සන ගීතයක්. ගායනා කරන්නෙ ගුණදාස කපුගේ මහත්තයයි මාලනී බුලත්සිංහල මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ තවත් දක්ෂ ගීත රචකයෙක් වන ලූෂන් බුලත්සිංහල මහත්මයා. සංගීතවත් කලේ ඔස්ටින් මුණසිංහ මහත්මයා.

D………………A………………….
දම් පාටින් ලා සද බැස යනවා
G………………D……………
ආකාසේ රන් වන් පාටයි
G……………………..D………….C…………………..
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි…..
Am……………………D……..
නොදොඩා ඉන්නේ ඇයි //
D……………….A………………………
දම්පාටින් සද මුහුණ පෙනෙනවා
G……………..D…………………………………
වෙන් වී යන මොහොතත් නොහැගෙයි
G……………….D…………..C……………..
දෑසට ලංව තවත් මේ මොහොතේ
Am…………………..D…
ගොළු වී ඉන්නෙමි මං//
D………………………….C………
සෙවනැලි නොමැකේ නම්
Gm……………………D…………
එළිය කළු නොවේ නම්//
D………..D7….G…………….D……….
බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ
A7……………….D……………………..
තනිය මකාගන්නයි…. එනතුරු
C…………………D…………………….
සොයා මගේ සෙනෙහස මතුදා…
D………………..C………
රෑ කල දිගුවේ නම්
Gm………………….D….
ලාසද නොමැකේ නම්//
D……….D7………..G…………..D………
නෙළුම් පතක රැදි පිණි බිදුවක් සේ
A7………………….D………………..
ළමැද තලා යහනේ ඉන්නම්
C………….. D…………………………….
පමාවෙලා හිරු නැගෙන තුරා

සොදුරු ලොවට මල් වැහැලා

පරණ ගීතයක් තමයි. හැබැයි ජනප්‍රියත්වය එළෙසමයි. ගීතය ගායනා කරන්නේ එච් ආර් ජෝතිපාල සමග සුජාතා අත්තනායක මහත්මියයි. ගීතය ලියල තියෙන්නෙ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. තනුව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගෙ. මෙන්න කෝඩ් ප්‍රස්ථාරය.
F——–Am—–Bb—F——
සොදුරු ලොවට මල් වැහැලා
F——-Am—Bb—-F——
තව්තිසාවෙ හද මැවිලා
Bb———-Eb——–
හැගුම් පහන් තාරකා
F—–Eb——F—–
පෙමට පායලා
Bb———C—–F——-
රෝස මලට හිත වැටිලා
Bb———C—–F——-
බඹරෙකු සේ මා සොයලා
Bb—————
ඈත ඉදන් ආ…..
Bb———C—–F
ඈත ඉදන් ආවදෝ
F—-Bb——-F—
ඔබ පියඹාලා…
F—F7——–Bb
මා ආදරේ…….
Bb—-Eb—–F
පායන් හදේ…….
Bb———C—–F——-
ගුණ සුවදට මත්වෙනවා
Bb———C—–F——-
හද මල් උයනක් වෙනවා
Bb—————
හිත උතුරා…….
Bb———C—–F
හිත උතුරා ගලන පැයේ
F—-Bb——-F—
ඔබ ලං වෙනවා….
F—F7——–Bb
මා ආදරේ…….
Bb—-Eb—–F
පායන් හදේ…….

මිහිමඩලේ අදුරු කුසේ

අම්මා ගැන ලියවිච්ච බොහොම හැගීම්බර ගීතයක්. ඩබ්ලිව් ඒ අබේසිංහයන්ගේ පදවැලකට සංගීතය සපයමින් ගායනා කලේ නන්දා මාලනිය විසින්. මෙන්න ගිටාර් ප්‍රස්තාරය.
Bmb——-C#————-
මිහිමඩලේ අදුරු කුසේ….
Fm——-Bbm——-
දිය උල්පත අම්මා
Bmb————————
අහස් තලෙන් මරු කතරට
Ab—–Bmb——–
වහින වැස්ස අම්මා
Bmb——-C#————-
නිල් දෙරණේ තුරුලිය මත
Fm——-Bbm——-
මල් සම්පත අම්මා
Bmb————————
තුරුලිය මත පිපි කුසුමේ
Ab—–Bmb——–
පල සම්පත අම්මා
Bmb——–Ab—–C#——-
සිය දහසක් නෙක ලෝ දා
Ab———Bmb——-
එලිය කරන අම්මා
Ab———Eb—–Bmb—–
සොළොස් කලා පිරි පුරහද
Ab———-Bmb—
එලිය කරන අම්මා
Bmb——–Ab—–C#——-
සද නැති රෑ සක්වල තරු
Ab———Bmb——-
එලිය කරන අම්මා
Ab———Eb—–Bmb—–
උදා ගිරෙන් ලොවට වඩින
Ab———-Bmb—
ළහිරු මඩල අම්මා

මේ පුංචි රටේ

තවත් පරණ හැගීම් බර ලස්සන ගීතයක්. ගායනා කරන්නේ ටී එම් ජයරත්නයන්. මේ ගීතයේ පද මාලාව කුලරත්න ආරියවංශයන් ගේ. සංගීතවත් කරල තියෙන්නෙ එච් එම් ජයවර්ධනයන් විසින්.

Eb————- ———————-

මේ පුංචි රටේ කොතැකත දි හෝ

C#—————- Eb—————–

මතු කවදා හෝ යලි අප හමු වේවි

C#————-Eb

යලි අප හමු වේවි

Eb— Ab—–Eb—-Ab——-

ආදර සිහිනය දෑසක උතුරන

Eb———-Ab—-Eb—-

කදුළු ගගක් වන දිනයේ

C#————Eb——C#——–

ජීවිතයට හුරු පැරදුම පිළිගෙන

Eb———————-

සමුගෙන යමු වෙන් වී

C#————-Eb——

සමුගෙන යමු වෙන් වී

Eb— Ab—–Eb—-Ab——-

ජිවන ගමනෙහි කොතැනක දී හෝ

Eb———-Ab—-Eb—-

අප යලී හමුවන දිනයේ

C#————Eb——C#——–

මේ දුක් කදුලැලි වියැකුණු දෑසින්

Eb———————-

හිනැහෙනු මැන පෙරසේ

C#————-Eb——

හිනැහෙනු මැන පෙරසේ

හන්තානේ කදු මුදුන සිසාරා

පේරාදෙණිය සරසවිය ගැන ලියවිච්ච මේ ගීතය පරණ ජනප්‍රිය එකක්. ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. ගීතයේ තනුව නිර්මාණය කලේ නැසීගිය ප්‍රේමසිරි කේමදාසයන්. ගීතයේ පදවැල් ආචාර්ය අජන්තා රණසිංහයන් ගේ.

G———-Em—C————

හන්තානේ කදු මුදුන සිසාරා

Am—Em—–C—Am

පවනක් වී එන්නම්

Am——-Em—————

ඔබේ සුවද රැදි කුටිය සමීපේ

Am—————–

කුසුමක් වී ඉන්නම්

G———————

කුසුමක් වී ඉන්නම්

G—————— Am—G

තුන් මහලින් සැදි සරසවි ‍පායේ

Em———G——Am/G

මල් කැටයම් අතරේ

Em————–     Am————–G

සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ

Em—-G————-Em

මිරිගු සයුර විනි අන්නතයේ

G—————— Am—G

පාළු නිසංසල කදුවැටි අතරේ

Em———G——Am/G

මහවැලි ගං ඉවුරේ

Em————–     Am————–G

අත්තටු සිදගත් විහග විලාසෙන්

Em—-G————-Em

අපේ පැතුම් ඉකි බිදිනු ඇසේ

අතීතය සිහිනයක් පමණයි

ඉතාම අර්ථාන්විත ගීතයක් තමයි අද තෝරගත්තෙ. මේක ලියල තියෙන්නෙ  පල්ලෙගම හේමරතන හාමුදුරුවො. ගායනා කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා. තනුව උපාලී ජයලත් මහත්තයාගෙ. සංගීතය සපයල තියෙන්නෙ නාලක අංජන කුමාර විසින්.

D         Bm      Em      D

අතීතය සිහිනයක් පමණයි

A                  D

සැබෑ සුවදක් නෑ

Bm    F#m            D

එදා සෙනෙහෙන් නොබැදුනානම්

D       Em      Bm  D

මෙදා වියොවක් නෑ

D                   F#m        Bm

තැනු මන්දිර බිදී වැටුනට

D                        A

නෙතේ කදුලක් නෑ

D                      Bm/D

සිනාසෙන්නට වරම් නොලදත්

Em      Bm        D

හිතේ කිළුටක් නෑ

D                   F#m        Bm

සොබා දහමට නොවන අවනත

D                        A

ලොවේ කිසිවක් නෑ

D                      Bm/D

ලොවේ පැරදුම මිසක කිසිදා

Em      Bm        D

ලැබූ දිණුමක් නෑ.

සිනාතොටක් විය

බන්දුල නානායකක්කාරවසම් මහතාගේ පන්හිදෙන් ලියවුණු තවත් අනගි ගිතයක් තමයි මේ. ගීතය ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී. ගීතය සංගීතවත් කලේ රෝහණ වීරසිංහයන් විසින්.

D                                             C

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්

Am                      G

මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්

D                                   D7                           G

නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම්

D                G                      D

දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

C            D           C      D              C

බෝසත් ඔබ සිත ලග උවැසිය වී දැහැනට වී

D                 C                                  D

සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී

D7             G                     D

පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී

G                              D

නොපිදු මල තවමත් ඇත ඔබ ලග බැතිබරවී

C            D           C      D              C

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී

D                 C                                  D

ඔබට ලංව දුක බෙදාගන්න බැරි කම දුකකී

D7             G                     D

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි

G                              D

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී